03rd March 2025 12:18:46 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන USAWC psc ගේ මඟපෙන්වීම යටතේ සහ කොළඹ තරණ පදනමේ සම්බන්ධීකරණයෙන්, එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 27 දින පොළොන්නරුවේ පැරකුම් වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් සඳහා පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.
මෙම වැඩසටහනට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ තරණ පදනමේ සාමාජිකයන් සහභාගි වූහ.