03rd March 2025 16:39:11 Hours
යුද්ධ හමුදාවේ ධෛර්යය සහ කැපවීම විදහා දක්වමින්, නන්පේරියල් යුද්ධ හමුදා අනුකණ්ඩයේ ස්ථානගත කර ඇති ගැමුණු හේවා බලකායේ ආපදා සහන භටපිරිස් විසින් 2025 මාර්තු මස 01 දින හිරිකටු ඔයේ ජල මට්ටම හදිසියේ ඉහළ යාම හේතුවෙන් සිරවී සිටි සිවිල් වැසියන් 35 දෙනෙකු සාර්ථකව බේරා ගන්නා ලදී.
මෙම සිදුවීමට නන්පේරියල් ප්‍රදේශයේ සංචාරයක නිරත වූ කොළොන්නාව ප්‍රදේශයේ සංචාරකයින් 75 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුණ දී තිබේ.
ගැමුණු හේවා බලකායේ භටපිරිස් ක්ෂණිකව ක්‍රියාත්මකවීමේ ප්‍රතිඵලයක් ලෙස හිරිකටු ඔයේ ජල මට්ටම තවදුරටත් ඉහළ යාමට පෙර එම සිවිල් වැසියන් බේරා ගැනීමට හැකි විය.