Header

Sri Lanka Army

Defender of the Nation

02nd March 2025 14:15:31 Hours

බදුල්ල සහ හාලිඇල අතර දුම්රිය මාර්ගය පිළිසකර කිරීම සඳහා 2 බලඇණිය ශ්‍රී ලංකා රයිෆල් බලකායේ භටපිරිස් සහාය වෙයි

නායයෑමක් හේතුවෙන් 2025 මාර්තු මස 01 දින බදුල්ල සහ හාලිඇල අතර ඇති 179/60 සැතපුම් කණුව අසල දුම්රිය මාර්ගය අවහිර විය. එම හේතුවෙන් ප්‍රදේශයේ දුම්රිය ගමනා ගමනය අඩාල විය.

මෙම තත්ත්වයට ප්‍රතිචාර දක්වමින්, 2 බලඇණිය ශ්‍රී ලංකා රයිෆල් බලකායේ එක් නිලධාරියෙකු සහ සෙසු නිලයන් 20 දෙනෙකු දුම්රිය මාර්ගයේ හානි වූ ස්ථානයට කඩිනම්න් පැමිණ මාර්ගය පිළිසකර කිරීමට දුම්රිය දෙපාර්මේන්තුවට සහය වූ අතර, යුද්ධ හමුදාවේ කඩිනම් මැදිහත්වීම නිසා සුන්බුන් ඉවත් කිරීමට පහසු වූ අතර, හැකි ඉක්මනින් දුම්රිය ගමනාගමනය නැවත ආරම්භ කිරීමටද හැකි විය.