Header

Sri Lanka Army

Defender of the Nation

24th February 2025 15:58:38 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර භටපිරිස්හි මූලිකත්වයෙන් පාසල් පිරිසිදු කිරීමේ වැඩසටහනක්

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් හා ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම RWP RSP USP ndc psc මඟපෙන්වීමත් 57 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ අධීක්‍ෂණයත් මත එම සේනාංකයේ භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 20 දින නාරම්මල, රුවන්ගිරි මධ්‍ය මහා විද්‍යාලයේ යටිතල පහසුකම් වැඩිදියුණු කරමින් එම පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

මෙම වැඩසටහනට සමගාමීව, 141 පාබල බලසේනාවේ භටපිරිස් විසින් පූගොඩ, පැල්පිට ප්‍රාථමික විද්‍යාලය සහ පහළයාගොඩ ශ්‍රී ස්වර්ණපාලි මහා විද්‍යාලය යන පාසල්වල ද පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී.