24th February 2025 15:43:59 Hours
ගම්පොළ, බෙන්හිල් විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උළෙල 2025 පෙබරවාරි මස 15 දින පැවති අතර එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා මූලස්ථානයේ පර්යේෂණ, සංකල්ප හා මූලධර්ම අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ටී.එන් මජීඩ් RSP USP ndc Isc සහභාගි විය.
උත්සවය අතරතුරදී, එතුමන්ගේ සුරතින් සහභාගිවූවන් වෙත කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කළ අතර, රැස්ව සිටි පිරිස ආමන්ත්‍රණය කරමින් සමබර ජීවිතයක් සඳහා ක්‍රීඩාවේ ඇති වැදගත්කම පිළිබඳව ද එතුමන් අවධාරණය කළේය.