Header

Sri Lanka Army

Defender of the Nation

25th February 2025 14:16:07 Hours

අභාවප්‍රාප්ත මේජර් ජෙනරල් කේ.එම්.එස් පෙරේරා (විශ්‍රාමික) psc ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හමුදා ගෞරවාචාර මධ්‍යයේ සිදුකරයි

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මේජර් ජෙනරල් කේ.එම්.එස් පෙරේරා (විශ්‍රාමික) psc ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සංවේගයට පත් යුද්ධ හමුදා සාමාජිකයන් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් ඇතුළු බොහෝ පිරිසකගේ සහභාගිත්වයෙන් හමුදා ගෞරවාචාර මධ්‍යයේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සෙනසුරාදා (පෙබරවාරි මස 22) දින සිදුකෙරිණි. අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත අවසන් ගෞරව දැක්වීම සඳහා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ තවත් ශෝකයට පත් පිරිසක් සහභාගි වූහ.

මේජර් ජෙනරල් කේ.එම්.එස් පෙරේරා (විශ්‍රාමික) psc ගේ දේහය හමුදා සම්ප්‍රදායානුකූලව ජාතික කොඩියෙන් ආවරණය කරන ලද දේහය කාතුගැල මත අභිමානවත් අයුරින් තැන්පත් කර භටපිරිස් පෙරටුකොට ගත් යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල අවමංගල්‍ය පෙරහැරකින් සුසාන භූමිය වෙත රැගෙන යන ලදී.

අවමංගල්‍ය පෙරහැර සුසාන භූමිය වෙත පැමිණීමෙන් අනතුරුව භටපිරිස් විසින් දේහය ආදාහනාගාරය වෙත රැගෙන යනු ලැබූ අතර, ඒ පිටුපසින් අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සංවේගයට පත් පවුලේ සාමාජිකයින් ද පැමිණියහ.

යුද්ධ හමුදා විධායක ජෙනරාල්තුමන් විසින් නිකුත් කරන ලද විශේෂ නියෝග I, අවමංගල්‍ය උත්සව අවස්ථාවේදී පැමිණි පිරිස ඉදිරියේ ප්‍රකාශ කරන ලද අතර, හමුදා නිලධාරියෙකුට ලැබිය හැකි ඉහළම ගෞරව උපහාරය ලබාදෙමින් කාලතුවක්කු වෙඩි මුර හඬ ගුවන් ගැබ සිසාරා පැතිර යන මොහොතේ මේජර් ජෙනරල් කේ.එම්.එස් පෙරේරා (විශ්‍රාමික) psc වෙත යුද්ධ හමුදා සාමාජිකයින් විසින් හමුදා සම්ප්‍රදායානූකූල අවසන් ගෞරවාචාරය පුද කර සිටියහ.

හිරු නැඟෙන මොහොතේදිත් හිරු බැස යන මොහොතේදිත් වැයෙන යුද්ධ හමුදා බියුගල් නලා හඬ එම අවස්ථාවේදි වාදනය කරනු ලැබු අතර, එතුමන්ගේ දිවි සැරියේ නිමාව එම බියුගල් නාදයෙන් සංවේගජනක ලෙස සිහිපත් කරන ලදී.

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.එස් දේවප්‍රිය USP ndc විසින් අභාවප්‍රාප්ත මේජර් ජෙනරල් කේ.එම්.එස් පෙරේරා (විශ්‍රාමික) psc සිය කීර්තිමත් යුද්ධ හමුදා දිවිය තුළ හිමිකරගත් පදක්කම් එතුමන්ගේ පවුලේ සාමාජිකයින් වෙත පිළිගන්වන ලදී.

අවමංගල්‍ය උත්සව අවස්ථාවට ජ්‍යේෂ්ඨ නිලධාරින්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ අභාවප්‍රාප්ත මේජර් ජෙනරල් කේ.එම්.එස් පෙරේරා (විශ්‍රාමික) psc ගේ පවුලේ සාමාජිකයන් සහභාගි වූහ.

යුද්ධ හමුදා විධායක ජෙනරාල්තුමන් විසින් නිකුත් කරනු ලැබු විශේෂ නියෝග I (Special Part I Order) පහතින් දැක්වේ: