21st February 2025 12:23:42 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc සහ 55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් බී.ජී.එස් ප්‍රනාන්දු USP Hdmc psc ගේ මඟපෙන්වීම මත ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ පළමු අදියරට සමගාමීව 2025 පෙබරවාරි මස 20 දින පූනරින් ප්‍රදේශයේ පිහිටි ශ්‍රී විග්නේෂ්වරම් විද්‍යාලයේදී පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
ඒ අනුව, 552 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සී.ඩී වෙලගෙදර USP IG ගේ අධීක්‍ෂණය මත අධ්‍යාපන පහසුකම් වැඩිදියුණු කරමින් පාසල් පරිශ්‍රය පිරිසිදු කළ අතර අබලන්ව පැවති පුටු, මේස සහ අනෙකුත් උපකරණ අළුත්වැඩියා කිරීමට ද කටයුතු කරනු ලැබිණි.
මේ අතර, 55 පාබල සේනාංකය වෙතින් කිලිනොච්චි, මුරසුමොඩ්ඩෙයි පිහිටි කිලි/මුරුගානන්ද විද්‍යාලයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ පාසල් අවට පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව, පාසල් භූමිය තුළ පැළ රෝපණය කිරීම, පුටු, මේස සහ අනෙකුත් උපකරණ අළුත්වැඩියා කිරීම සහ පිරිසිදු කිරීමට කටයුතු කෙරිණි.
මේ අතර, 2 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 28 දින නාච්චිකුඩා, ජී.එම්.එම් පාසල පිරිසිදු කිරීමේ සහ පාසල් ගෘහ භාන්ඩ අලුත්වැඩියා කිරීමේ කටයුතු සිදුකරන ලදී.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ රාජ්‍ය නිලධාරින් පිරිසක් ද සහභාගි වූහ.