24th February 2025 15:50:34 Hours
කැනඩා දේශසීමා සේවා නියෝජිතායතනයේ ශ්‍රී ලංකා සම්බන්ධීකරණ නිලධාරිනි කසුමි කුබෝ මහත්මිය 2025 පෙබරවාරි මස 19 දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සංචාරයක නිරතවිය. ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc විසින් ඇයව එම මූලස්ථාන පරිශ්‍රය වෙත උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
මෙම සංචාරය අතරතුරදී, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය විසින් යුද්ධ හමුදාව වෙතින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා මූලික ව්‍යාපෘතීන්, ආරක්‍ෂක වැඩසටහන් සහ කලාපීය කාර්යභාරයන් සබැඳිව එතුමිය දැනුවත් කරන ලදී. කැනඩා දේශසීමා සේවා නියෝජිතායතනය යටතේ දේශසීමා පාලනය, ආගමන කටයුතු බලාත්මක කිරීම සහ රේගු සේවා පිළිබඳ සාකච්ඡාවන් කසුමි කුබෝ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
මෙම සුහඳ හමුවේ සමාප්තිය සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් සිදුකෙරුණු අතර කසුමි කුබෝ මහත්මිය එම මූලස්ථාන විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.