21st February 2025 10:35:22 Hours
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම සහ ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් පී. ආර් පතිරවිතාන USAWC psc ගේ අධීක්‍ෂණය මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 20 දින පාසල් පිරිසිදු කිරීමේ සහ ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
ඒ අනුව, භටපිරිස් විසින් මාවනාගම විද්‍යාලය, බඹරවාන විද්‍යාලය, පසුප්‍රදේශ්වරම් විද්‍යාලය, අසේලපුර කැප්පෙටිපොළ විද්‍යාලය සහ ලීලාරත්න විජේරත්න මධ්‍ය මහා විද්‍යාලය යන පාසල් පිරිසිදු කර ප්‍රතිසංස්කරණ කටයුතු ද සිදුකරන ලදී.
24 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ, 11 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 11 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 24 දින තාරඩිකුලම්, රහුමනියා විද්‍යාලය සහ මඩුර්, 37 නවකිරි විද්‍යාලය පිරිසිදු කිරීමේ සහ ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
මේ අතර, 242 පාබල බලසේනාව සහ 8 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස්, පාසල් සිසුන් සහ කාර්යය මණ්ඩලය සමඟ එක්ව, කොරෙයික්කලප්පු, ශක්ති විද්‍යාලය පිරිසිදු කිරීමේ සහ ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහනක් 2025 පෙබරවාරි මස 26 දින පවත්වන ලදී.
මෙම වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන්, ගුරු භවතුන් සහ දෙමාපියන් සහභාගි වී සිය දායකත්වය ලබාදුන්හ.