20th February 2025 14:08:20 Hours
ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් මෙනවිය 2025 පෙබරවාරි මස 19 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එක්සත් ජනපද සහකාර ආරක්‍ෂක උපදේශක සෙත් ඒ. නෙවින්ස් මහතා සහ විදේශ කටයුතු භාර නිලධාරි කපිතන් තැඩියස් බ්ලැක් මෙම අවස්ථාවට සහභාගි වූහ.