21st February 2025 10:36:01 Hours
23 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් පී.එස් සුභාත් සංජීව RSP nps psc 2025 පෙබරවාරි මස 18 දින පැවති කෙටි උත්සවයකදී ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.
සේනාංක මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් පී.එස් සුභාත් සංජීව RSP nps psc වෙත එම සේනාංක මූලස්ථානයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුර සහ සම්මාන මුර ගෞරවාචාරයන් පුදකළහ.
අනතුරුව, ආගමික වතාවත් මධ්‍යයේ එතුමන් සිය කාර්යාලයේදී සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි කටයුතු භාරගනු ලැබීය.
පසුව, එම සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් 23 පාබල සේනාංකය සතු වගකීම් සහ කාර්යභාරයන් පිළිබඳව ද එතුමන්ව දැනුවත් කරන ලදී. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.