Header

Sri Lanka Army

Defender of the Nation

18th February 2025 09:54:18 Hours

නව ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම රාජකාරි අරඹයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම 23 වන ආරක්‍ෂක සේනා ආඥාපති වශයෙන් මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච් බණ්ඩාරනායක USP 2025 පෙබරවාරි මස 17 දින හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.

එම මූලස්ථාන ප්‍රධාන දොරටුව වෙත සපැමිණි මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච් බණ්ඩාරනායක USP වෙත 23 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පුදකළහ. අනතුරුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් එම කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමෙන් පසුව සමූහ ඡායාරූපයකට ද එතුමන් පෙනී සිටියේය.

පසුව, එතුමන් මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තැබීය.

අනතුරුව, භටපිරිස් ආමන්ත්‍රණය කළ එතුමන්, සියළු නිලයන්ගේ විනය පවත්වාගැනීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කිරීමෙන් පසුව කොමිෂන් නොලත් නිලධාරි සමාජ ශාලාවේ පැවැති සියළු නිල තේ පැන් සංග්‍රහයකට ද සහභාගි විය.

අනතුරුව, එම මූලස්ථාන සම්මන්ත්‍රණ ශාලාවේදී ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම කාර්යභාරය සහ වගකීම් සබැඳිව නව ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් වෙත සවිස්තරාත්මකව දැනුවත් කෙරිණි. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සියළු නිලධාරින් සිය කණ්ඩායම් තුළ ක්‍රියාකාරී සාමාජිකයන් වශයෙන් කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.