17th February 2025 10:22:48 Hours
11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ කොඩිතුවක්කු RSP USP psc IG ගේ මඟපෙන්වීම මත තෝරාගත් කණ්ඩායම් කිහිපයක සහභාගිත්වයෙන් හොඳම ගායකයා, හොඳම නර්තන ශිල්පියා සහ දක්‍ෂතම හමුදා/සාමාන්‍ය දැනුම ඇති සෙබළ කණ්ඩායම් තෝරාගැනීමේ අරමුණින් පැවති ‘සෙංකඩගල විරුනද සහ රංගසෝබා’ අවසන් මහා තරඟය 2025 පෙබරවාරි මස 13 දින පල්ලේකැලේ පළාත් සභා ශ්‍රවණාගාර සංකීර්ණ ශාලාවේදී පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා 11 පාබල සේනාංකය සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් රැසක් සහභාගි වූහ.