Header

Sri Lanka Army

Defender of the Nation

17th February 2025 10:24:00 Hours

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානය යටතේ සේවයේ නියුතු 15 වන ශ්‍රී ලංකා හමුදා ආරක්‍ෂක භට කණ්ඩායමේ සේවය ඇගයේ

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානය (UNIFIL) යටතේ සේවයේ නියුතු 15 වන ශ්‍රී ලංකා හමුදා ආරක්‍ෂක භට කණ්ඩායම වෙනුවෙන් පදක්කම් ප්‍රධානෝත්සවය 2025 පෙබරවාරි මස 11 දින ලෙබනනය, නකූරා ප්‍රදේශයේ ස්ථාපිත එම මූලස්ථානයේදී පැවැත්විණි.

මෙම උත්සවය අතරතුරදී, ශ්‍රී ලංකා හමුදා ආරක්‍ෂක භට කණ්ඩායමේ කැපවීම ඇගයීමට ලක් වූ අතර, ඒ වෙනුවෙන් ඔවුන් හට එක්සත් ජාතීන්ගේ පදක්කම් ප්‍රදානය කරන ලදී.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරි මේජර් ජෙනරල් සී.බී ධකාල් සහභාගි විය. එමෙන්ම, ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති ගරු කේ. එස් ජයවීර මහතා, ලෙබනන් සන්නද්ධ හමුදාවන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ නිලධාරින් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

මෙම අවස්ථාව සඳහා මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම RWP RSP USP ndc psc, මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච් බණ්ඩාරනායක USP සහ බ්‍රිගේඩියර් එස්. ඒ හෙට්ටිගේ RSP psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද සහභාගි වූහ.