Header

Sri Lanka Army

Defender of the Nation

18th February 2025 08:00:06 Hours

නව සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

යුද්ධ හමුදා මූලස්ථානයේ සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 21 වන අධ්‍යක්‍ෂ ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ බ්‍රිගේඩියර් එච්.ඒ.එම් ප්‍රේමරත්න ndc psc Lsc 2025 පෙබරවාරි මස 13 දින පැවති කෙටි උත්සවයකදී ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.

බ්‍රිගේඩියර් එච්.ඒ.එම් ප්‍රේමරත්න ndc psc Lsc සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.

මෙම අවස්ථාව සඳහා මාණ්ඩලික නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.