Header

Sri Lanka Army

Defender of the Nation

16th February 2025 21:54:11 Hours

22 පාබල සේනාංකයේ නව සේනාංකාධිපතිතුමන් ධූරයේ රාජකාරි අරඹයි

22 පාබල සේනාංකයේ 33 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් එච්.ඩී.එල්.එස් පෙරේරා RWP RSP ndc, 2025 පෙබරවාරි මස 13 දින සිය ධූරයේ රාජකාරි භාර ගත්තේය.

සේනාංක පරිශ්‍රය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුර ගෞරවාචාරය පිරිනමන ලදී. අනතුරුව, එතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කර භටපිරිස් ඇමතීය. උත්සව කටයුතු අවසන් කරමින් එතුමන් සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා සහභාගි විය.

මෙම අවස්ථාවට 22 පාබල සේනාංකයේ කාර්යය මණ්ඩලය, බලසේනාධිපතිවරුන් සහ ඒකක අණදෙන නිලධාරින් සහභාගි වූහ.