16th February 2025 21:50:11 Hours
ධූරයෙන් නික්ම යන 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී කාරියවසම් වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් එම සේනාංක පරිශ්‍රයේදී 2025 පෙබරවාරි මස 11 දින පැවැත්විණි.
සේනාංක පරිශ්‍රය වෙත සපැමිණි ධූරයෙන් නික්ම යන සේනාංකාධිපතිතුමන් වෙත 4 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය ද පුදකරන ලදී.
එතුමන් මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සමූහ ඡායාරූපයක් සඳහා ද පෙනී සිටි අතර අනතුරුව, භටපිරිස් ආමන්ත්‍රණය කර සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා සහභාගි විය. ඉන් අනතුරුව, ඔවුන් සමඟින් සුහද පිළිසඳරකද නිරත විණි.
වැඩසටහනට සමගාමීව 2025 පෙබරවාරි මස 12 දින එම සේනාංකයේ නිලධාරින් සහ සෙසුනිලයින් එක්ව වීථී පෙළ සැදී ධූරයෙන් නික්ම යන සේනාංකාධිපතිතුමන් වෙත සුභ පැතුම් පිරිනැමීය.