15th February 2025 12:49:43 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ 39 වන සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් එම්.ජේ.ආර්.එස් මැදගොඩ ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී 2025 පෙබරවාරි මස 10 දින එම ධූරයේ රාජකාරි භාරගනු ලැබීය.
විද්‍යාල පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. ඉන්පසුව එතුමන්, රණවිරු ස්මාරකය අභියසදී රටවෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් වෙත පුෂ්පෝපහාර පුදකරමින් සිය ගෞරවාචාරය පිරිනැමීය.
නව සේනාවිධායකතුමන්, ආගමික ආශිර්වාද මධ්‍යයේ සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තබා ධූරයේ රාජකාරි භාරගත් අතර, පසුව භටපිරිස් ඇමතීය. උත්සවයේ කටයුතු අවසානයේ පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා ද එතුමන් සහභාගි විය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, කැඩෙට් නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගි වූහ.