Header

Sri Lanka Army

Defender of the Nation

14th February 2025 18:16:50 Hours

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ ජාතික මුෂ්ඨි ප්‍රහාරක ශූරයාට මූල්‍යමය ආධාර

ජාතික මුෂ්ඨි ප්‍රහාරක ශූරතාවලියේදී රන් පදක්කමක් හිමිකර ගත් 3 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවෙහි කෝප්‍රල් කේ.ඒ.එස්.කේ අබේගුණවර්ධන වෙත යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව විසින් 2025 පෙබරවාරි මස 9 දින මූල්‍යමය ප්‍රදානයක් සිදුකරන ලදී.

තායිලන්තයේ පැවති ආසියානු ශූරතාවලියේ දී ලෝකඩ පදක්කම්ලාභි ක්‍රීඩකයා පරාජය කරමින් කෝප්‍රල් කේ.ඒ.එස්.කේ. අබේගුණවර්ධන විසින් 2024 ජාතික මුෂ්ඨි ප්‍රහාරක ශූරතාවලියේදී කිලෝග්‍රෑම් 48-51 කාණ්ඩයේ රන් පදක්කම දිනාගන්නා ලදී.

21 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ. වනසිංහ ආර්එස්පී යූඑස්පී විසින් මෙම මූල්‍යමය ආධාර එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ඔහු වෙත පිරිනමන ලදී.