14th February 2025 18:23:19 Hours
යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ 18 වන රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරල් ඒ.එච්.ඒ.ඩී ආරියසේන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී පීටීඑස්සී, 2025 පෙබරවාරි මස 10 දින දඹුලුහල්මිල්ලෑව, එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.
කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි එතුමන්ව යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ.කේ පීරිස් ආර්එස්පී සහ මන්ත්‍රණ සභා සාමාජිකයන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
අනතුරුව, ධූරයේ රාජකාරි භාර ගැනීම සනිටුහන් කරමින් එතුමන් සංකේතාත්මකව නිල ලේඛනයට අත්සන් තැබීය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගි වූහ.