Header

Sri Lanka Army

Defender of the Nation

14th February 2025 18:25:21 Hours

ධූරයෙන් නික්මයන ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර වෙත එම මූලස්ථානයේ ගෞරවාචාරය

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන ලෙස ධූරයේ රාජකාරි භාර ගැනීම වෙනුවෙන් ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර ධූරයෙන් නික්මයන මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී වෙත භටපිරිස් විසින් හමුදා ගෞරවාචාරය පිරිනැමීමේ උත්සවයක් එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ දී 2025 පෙබරවාරි මස 13 දින පවත්වන ලදී.

ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙත සපැමිණි එතුමන්ව ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර අනතුරුව, 1 ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පිරිනමන ලදී.

පසුව, එතුමන් සමූහ ඡායාරූපයකට පෙනී සිටීමෙන් අනතුරුව සියළු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගි විය. ධූරයෙන් නිකමයන ආඥාපතිතුමන් සිය ධූරයේ කටයුතු භාර දීම වෙනුවෙන් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීමෙන් පසුව, විශේෂ අමුත්තන්ගෙ සමරු සටහන් පොතෙහි සටහනක් තැබීය. අනතුරුව, එතුමන් විසින් භටපිරිස් ඇමතීම ද සිදුකරන ලදී.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් සහභාගි වූහ.