Header

Sri Lanka Army

Defender of the Nation

15th February 2025 08:43:58 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිතුමන් ධූරයේ රාජකාරි අරඹයි

58 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජේ. කේ. ආර් ජයකොඩි ආර්ඩබ්ලිව්පී යූඑස්පී 2025 පෙබරවාරි මස 11 දින අඹේපුස්ස, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 19 වන රෙජිමේන්තු අධිපති ලෙස ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි නව රෙජිමේන්තු අධිපතිතුමන්ව එම රෙජිමේන්තුවේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් සී. එන් කත්‍රිආරච්චි ආර්ඩබ්ලිව්පී විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, අනතුරුව භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීය.

අනතුරුව, එතුමන් හමුදා සම්ප්‍රදායානුකූලව සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් රෙජිමේන්තු අධිපති ධුරයේ රාජකාරි භාර ගැනීම සනිටුහන් කළේය.

ඉන්පසුව එතුමන්වෙත සරඹ භූමියේදී ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන පෙළපාලියේ ගෞරවාචාරය පිරිනැමීය.

එම අවස්ථාව සනිටුහන් කරමින් නව රෙජිමේන්තු අධිපතිතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කරනු ලැබීය.

අනතුරුව, එතුමන් රෙජිමේන්තුවේ රණවිරු ස්මාරකය අබියසදී රට වෙනුවෙන් දිවිපිදූ එම රෙජිමේන්තුවේ විරෝධාර රණවිරුවන් සිහිකරමින් පුෂ්පෝපහාර දැක්වීය. පසුව, එතුමන් භටපිරිස් අමතමින් තම ඉදිරි දැක්ම ප්‍රකාශ කල අතර, ඉන් පසුව පැවති සියළු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා ද එක්විය.

පසුව, එතුමන් එම රෙජිමේන්තුවේ සියලුම නිලධාරින් සමඟින් සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර, උත්සවයේ කටයුතු අවසන් කරමින් නිලධාරි නිවස්නයේ පැවති දිවා භෝජන සංග්‍රහයක් සඳහාද එක් විය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ නිලධාරින්ගේ පවුල්වල සාමාජිකයින් සහභාගි වූහ.