Header

Sri Lanka Army

Defender of the Nation

14th February 2025 13:31:39 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා දූත පිරිසක් ලෙබනන් තානාපති කාර්යාලයේ නිල සංචාරයක

මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච් බණ්ඩාරනායක යූඑස්පී සහ බ්‍රිගේඩියර් එස්.ඒ හෙට්ටිගේ ආර්එස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් 2025 පෙබරවාරි 09 වන දින ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිල සංචාරයක නිරත වූහ.

එම දූත පිරිස ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තානාපති කපිල සුසන්ත ජයවීර මහතා විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

මෙම නිල සංචාරය ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ බලකා මූලස්ථානයේ රාජකාරීන්හි නිරත 15 වන ශ්‍රී ලංකා සාම සාධක භට කණ්ඩායමට පදක්කම් ප්‍රදානය කිරීමේ උත්සවයට සමගාමීව සිදු කරන ලදී.