Header

Sri Lanka Army

Defender of the Nation

13th February 2025 13:55:51 Hours

12 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක්

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත 12 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් 2025 පෙබරවාරි මස 09 දින ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ තවත් අදියරක් ලෙස හම්බන්තොට රාජ්‍ය නිලධාරින් සමඟ සමීප සම්බන්ධීකරණයෙන් යුතුව හම්බන්තොට සිට තංගල්ල දක්වා වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

12 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක කෙරුණු මෙම වැඩසටහන යටතේ එම වෙරළ තීරයේ පැවති කුණු කසළ ඉවත්කර පිරිසිදු කරනු ලැබීය. මෙම වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් ඇතුළු හමුදා සාමාජිකයන් 181 දෙනෙක් සහ සිවිල් වැසියන් 300 කට අධික පිරිසක් සිය දායකත්වය ලබාදුන්හ.