Header

Sri Lanka Army

Defender of the Nation

13th February 2025 08:37:39 Hours

ආරක්‍ෂක සේවා ගොල්ෆ් ශූරතාවලියේදී යුද්ධ හමුදා ගොල්ෆ් කණ්ඩායම් දක්‍ෂතා දක්වයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගොල්ෆ් කමිටුව විසින් සංවිධානය කරනු ලැබූ 13 වන ආරක්‍ෂක සේවා ගොල්ෆ් ශූරතාවලිය 2025 පෙබරවාරි මස 10 සහ 11 දෙදින තුළ නුවරඑළිය ගොල්ෆ් සමාජයේදී ත්‍රිවිධ හමුදාවේ ගොල්ෆ් ක්‍රීඩකයින් 100 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

ආරක්‍ෂක සේවා ක්‍රීඩා ඉතිහාසයේ ප්‍රථම වරට පිරිමි කාණ්ඩයේ ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිරිමි ගොල්ෆ් කණ්ඩායම මෙවර සමත්විය. ඒ අනුව, ශ්‍රී ලංකා ගුවන් හමුදා ගොල්ෆ් කණ්ඩායමට එරෙහිව ලකුණු 26 ක් රැස්කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිරිමි ගොල්ෆ් කණ්ඩායම ශූරතාවය දිනාගත්හ.

කාන්තා කාණ්ඩයේ අනුශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා ගොල්ෆ් කණ්ඩායම සමත් වූ අතර එම කාණ්ඩයේ ශූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා ගොල්ෆ් කණ්ඩායම විසින් දිනාගන්නා ලදී. ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා ගොල්ෆ් කණ්ඩායමේ කෝප්‍රල් ආර්.එම්.ඒ.එස් රත්නායක තරඟාවලියේ හොඳම කාන්තා ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනාගන්නා ලදී. එමෙන්ම, කාන්තා කාණ්ඩයේ දුරම ප්‍රහාරයට හිමි සම්මානය ලාන්ස් කෝප්‍රල් කේ.ඩබ්ලිව්.වී.එස් විජේගුණරත්න විසින් ජයග්‍රහණය කළ අතර, යුද්ධ හමුදා ගොල්ෆ් කණ්ඩායමේ ඉංජිනේරු කාන්තා සෙබල කේ.යූ.එන් දිල්රුක්‍ෂි ළඟම ප්‍රහාරයට හිමි සම්මානය දිනාගනු ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගොල්ෆ් කමිටුවේ හිටපු සභාපති වශයෙන් මෙම ඓතිහාසික ජයග්‍රහණය සඳහා අඩිතාලම සැකසීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටුකළ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් එම කමිටුවේ වත්මන් සභාපතිතුමන්ට සහ එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත සිය සුභපැතුම් පිරිනැමීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගොල්ෆ් කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජි අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහභාගි විය.

මෙම අවස්ථාවට ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.