14th February 2025 13:31:22 Hours
ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ යූඑස්පී එන්පීඑස් පීඑස්සී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2025 පෙබරවාරි මස 11 දින එම ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි. එතුමන් නුදුරේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක ධූරයේ රාජකාරි භාරගැනීමට නියමිතව ඇත.
එම මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ යූඑස්පී එන්පීඑස් පීඑස්සී වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව 7 රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකායේ භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ද පුදකළහ. ධූරයෙන් නික්ම යාම සනිටුහන් කරමින් සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තැබූ එතුමන් සමූහ ඡායාරූපයකට ද පෙනීසිටියේය.
ඉන් අනතුරුව, භටපිරිස් ආමන්ත්‍රණය කළ එතුමන් සිය ධූර කාලය තුළ දැක්වූ සහයෝගය වෙනුවෙන් සියළු නිලයන් වෙත කෘතඥතාවය පුදකළේය. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සියළු නිල තේ පැන් සංග්‍රහයක් පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.