Header

Sri Lanka Army

Defender of the Nation

12th February 2025 13:58:17 Hours

21 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

21 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.පී.ඩබ්ලිව්.ඩබ්ලිව්.බී.ආර් පාලමකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී 2025 පෙබරවාරි මස 10 දින එම සේනාංක මූලස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.

සේනාංක මූලස්ථානය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන් එම සේනාංකයේ මාණ්ඩලික නිලධාරින් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව 7 (ස්වේච්ඡා) රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පුදකළහ.

ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීම සනිටුහන් කරමින් එතුමන් ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තැබීය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගනු ලැබූ සමූහ ඡායාරූපයකට පෙනීසිටි නව සේනාංකාධිපතිතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කරමින් එම සේනාංකයේ අභිවෘද්ධිය උදෙසා එතුමන් සතු දැක්ම පිළිබඳ පැහැදිළි කළේය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.