Header

Sri Lanka Army

Defender of the Nation

14th February 2025 13:31:06 Hours

කළමනාකරණ හා නඩත්තු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

කළමනාකරණ හා නඩත්තු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස බ්‍රිගේඩියර් එච්.එම්.එස්.අයි සෙනරත් 2025 පෙබරවාරි මස 11 දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරි කටයුතු භාරගන්නා ලදී.

ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව එතුමන් සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.

මෙම අවස්ථාව සඳහා කළමනාකරණ හා නඩත්තු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.