09th February 2025 18:54:26 Hours
නුවරඑළිය, ලයිසියම් ජාත්‍යන්තර පාසලේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල 2025 පෙබරවාරි මස 07 දින නගරසභා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මෙම උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී සහභාගි විය.
ක්‍රීඩා උළලේදී එම පාසලේ සිසු සිසුවියන් උද්‍යෝගීමත්ව ජවන හා පිටිය ක්‍රීඩා ඉසව් සඳහා සහභාගි වී සිය මළල ක්‍රීඩා දක්‍ෂතාවයන් ඉදිරිපත් කළ අතර, එමඟින් ඔවුන්ගේ කණ්ඩායම් හැඟීම්, ක්‍රීඩාශීලීත්වය සහ තරඟකාරිත්වය ඔප්නැංවිණ.
ක්‍රීඩා උත්සවය අතරතුරදී, පාසල් ගුරු භවතුන්, දෙමාපියන් සහ සහභාගිවූවන් අත්පොළසන් හඬ මධ්‍යයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත සිය සුභපැතුම් පිරිනැමූහ.