Header

Sri Lanka Army

Defender of the Nation

11th February 2025 10:26:16 Hours

241 පාබල බලසේනාව මූලිකත්වයෙන් රුධිර පරිත්‍යාග වැඩසටහනක්

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මඟපෙන්වීම සහ 24 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් මත 241 පාබල බලසේනාවේ භටපිරිස් විසින් රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2025 පෙබරවාරි මස 6 දින පවත්වන ලදී.

අක්කරෙයිපත්තු මූලික රෝහලේ ලේ බැංකුව සමඟ සහයෝගයෙන් පැවැත්වූ එම වැඩසටහන අක්කරෙයිපත්තු නගර සභාවේ අතාවුල්ලා අරංගම් ශාලාවේදී පවත්වන ලදී.

මෙම වැඩසටහන සඳහා 241 පාබල බලසේනාවේ බලසේනාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයන් සහභාගි වූහ.