09th February 2025 18:52:56 Hours
77 වන ජාතික නිදහස් දිනයට සමගාමීව ‘ජාතික පුනරුදයට පෙළ ගැසෙමු’ යන තේමාව යටතේ රුක් රෝපණ වැඩසටහනක් 53 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස් වික්‍රමරත්න ආර්එස්පී ගේ මඟපෙන්වීම යටතේ එම සේනාංකයේ භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 04 දින පවත්වන ලදී.
පාරිසරික තිරසාරභාවයට දායක වෙමින් මෙම වැඩසටහන අතරතුරදී 53 පාබල සේනාංක කඳවුරු පරිශ්‍රයේ ලෙමන් පැළ 400 ක් රෝපණය කරන ලදී. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයන් සහභාගි වූහ.