03rd February 2025 16:57:26 Hours
ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ අතිගරු තානාපතිනී මියොන් ලී මැතිනිය, 2025 පෙබරවාරි මස 03 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී හමුවිය. මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී සොන්ග්යි යුන් මහත්මිය ද සහභාගී විය.
ශ්‍රී ලංකාව සහ නේපාලය නියෝජනය කරනු ලබන නවදිල්ලියේ කොරියානු ජනරජ තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් හැන් ජොන්ගුන් ද මෙම අවස්ථාවට එක් විය.
සුහද හමුව අතරතුරදී, ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර ද්විපාර්ශ්වික සබඳතා සහ හමුදා සහයෝගීතා ක්ෂේත්‍රයන් වැඩි දියුණු කිරීම වූ කරුණු පිළිබඳව සාකච්ඡා කළහ.
තවද, දෙරටෙහි සන්නද්ධ හමුදා අතර ආරක්‍ෂක සහයෝගීතාවය, පුහුණු වැඩසටහන් සහ අන්‍යෝන්‍ය සහයෝගීතාවය ශක්තිමත් කිරීම පිළිබඳව වූ කරුණු පිළිබඳවත් අදහස් හුවමාරු කර ගත්හ.
යුද්ධ හමුදාධිපතිතුමන් පැමිණි සම්භාවනීය අමුත්තන් උණුසුම් ලෙස පිළිගත් අතර, විවිධ හැකියාවන් යටතේ කොරියානු රජය ශ්‍රී ලංකාවට ලබා දෙන අඛණ්ඩ සහයෝගය වෙනුවෙන්ද සිය කෘතවේදීත්වය පළකළේය. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ කොරියානු ජනරජයේ ආරක්‍ෂක හමුදා අතර කලාපීය ආරක්‍ෂක සහයෝගීතාව සහ ඉදිරි ආරක්‍ෂක කටයුතු වර්ධනය කිරීම කෙරෙහි ද මෙම සාකච්ඡාවන්හිදී අවධානය යොමු විය. සුහද හමුව අවසානයේ දෙරට අතර පවතින මිත්‍රත්වය සංකේතවත් කරමින්, යුද්ධ හමුදාධිපතිතුමන් සහ තානාපතිනිය අතර සමරු තිළිණ හුවමාරුවක් සිදුකෙරිණි.