02nd February 2025 12:29:02 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ 2025 ජනවාරි මස 31 දින 3 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරත විය.
ප්‍රධාන දොරටුව වෙත සපැමිණි රෙජිමේන්තු අධිපතිතුමන්ව 3 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව, එම බළඇණියේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරන ලදී.
අනතුරුව, රෙජිමේන්තු අධිපතිතුමන් භටපිරිස් අමතමින් යුද්ධ හමුදාවේ අනාගත අවශ්‍යතාවයන් පිළිබඳ තම දැක්ම සහ අදහස් බෙදාගත්තේය.
ඉන්පසු, එම බලඇණියේ අණදෙන නිලධාරි මේජර් එෆ්.ජේ. සමරනායක ආර්එස්පී විසින් එතුමන්ගේ නිල සංචාරය සනිටුහන් කරමින් සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.
අනතුරුව, එතුමන් විශේෂ අමුත්තන්ගේ සටහන් පොතේ සටහනක් තැබීමෙන් පසු නිල සංචාරයේ වැඩකටයුතු අවසන් කරමින් පිදුරුතලාගල ස්ථාපිත ‘ඒ’ කණ්ඩායමේ සංචාරයක නිරත විය.