Header

Sri Lanka Army

Defender of the Nation

31st January 2025 18:26:36 Hours

රෙජිමේන්තු අධිපතිතුමන් 11 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිල සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ 2025 ජනවාරි මස 23 දින 11 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරත විය.

ප්‍රධාන දොරටුව වෙත සපැමිණි රෙජිමේන්තු අධිපතිතුමන් වෙත 11 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල මුරය පසුකරයාමේ ගෞරවාචාරය පුද කිරීමෙන් අනතුරුව, අණදෙන නිලධාරි මේජර් බී.ආර්.එම්.ජී.ඩබ්ලිව්.ඒ.ආර්. බලගල්ල විසින් එතුමන්ව උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

මෙම සංචාරය අතරතුර දී රෙජිමේන්තු අධිපතිතුමන් භටපිරිස් අමතමින් ඔවුන්ගේ අනාගත උත්සාහයන් සඳහා එතුමන් දැක්ම, අදහස් සහ දිරිගැන්වීම් සිදු කළ අතර, විනය, කැපවීම සහ නිසි අයුරින් රාජකාරි සිදුකිරීමේ වැදගත්කම අවධාරණය කළේය.

මෙම අවස්ථාව සනිටුහන් කිරීම සහ එතුමන්ව අගය කිරීම සංකේතවත් කරමින් අණදෙන නිලධාරිතුමන් විසින් රෙජිමේන්තු අධිපතිතුමන් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලද අතර, අනතුරුව, එතුමන් විශේෂ අමුත්තන්ගෙ පොතේ සටහනක් තැබීය.

මෙම අවස්ථාව සඳහා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් සී.එස්. තිබ්බොටුගේ, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයන් රැසක් සහභාගි වූහ.