Header

Sri Lanka Army

Defender of the Nation

30th January 2025 14:31:53 Hours

නවසීලන්ත මහ කොමසාරිස් සහ ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය අතර හමුවක්

ශ්‍රී ලංකාව, මාලදිවයින සහ බංගලාදේශය සඳහා නවසීලන්ත මහ කොමසාරිස් අතිගරු ඩේවිඩ් පයින් මහතා සහ ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අතර හමුවක් 2025 ජනවාරි මස 29 දින එම ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.

ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි මහ කොමසාරිස්තුමන්ව ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදාව වෙතින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා මූලික ව්‍යාපෘති, ආරක්‍ෂක කටයුතු සහ අනෙකුත් ප්‍රධාන කාර්යභාරයන් සබැඳිව එතුමන්ව දැනුවත් කරන ලදී.

සුහඳ හමුවේ සමාප්තිය සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් සිදුකෙරුණු අතර මෙම අවස්ථාව සනිටුහන් කරමින් මහ කොමසාරිස්තුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය. මෙම අවස්ථාව සඳහා එම මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරින් පිරිසක් ද සහභාගි වූහ.