Header

Sri Lanka Army

Defender of the Nation

29th January 2025 19:55:51 Hours

ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවයකට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 11 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සහභාගි වෙයි

මහනුවර ලෙක්සිකන් ජාත්‍යන්තර පාසලේ ශිෂ්‍ය නායකයින් වෙත නිල ලාංඡන පැළඳවීමේ උත්සවය 2025 ජනවාරි මස 28 දින පැවති අතර එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී සහභාගි විය.

උත්සවය අතරතුරදී, ප්‍රධාන ආරාධිත අමුත්තා සමඟින් එම විද්‍යාලීය විදුහල්පතිතුමන් එක්ව නව ශිෂ්‍ය නායකයින් වෙත නිල ලාංඡන පැළඳවූහ.

එහිදී, දේශනයක් සිදුකරමින් 11 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් නව ශිෂ්‍ය නායකයින් වෙත පැවරෙන වගකීම් සහ යුතුකම් පිළිබඳ පෙන්වාදුන් අතර පාසල් සම්ප්‍රදායන් ආරක්‍ෂා කිරීම සහ ඉහළ මට්ටමින් විනය පවත්වාගැනීමේ වැදගත්කම පිළිබඳව ද අවධාරණය කළේය. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් ගනු ලැබූ සමූහ ඡායාරූපයක් සඳහා ද එතුමන් සහභාගි විය.

මෙම අවස්ථාව සඳහා එම විද්‍යාලීය විදුහල්පතිතුමන්, ගුරු භවතුන්, සිසුන් සහ දෙමාපියන් පිරිසක් සහභාගි වූහ.