Header

Sri Lanka Army

Defender of the Nation

28th January 2025 14:17:58 Hours

නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් 16 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ මූලිකත්වයෙන් නව නිවසක් ඉදිකිරීමට මුල්ගල් තබයි

සිවිල් වැසියන් සහ යුද්ධ හමුදාව අතර පවතින සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් සතු දැක්මට අනුකූලව ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් - නැගෙනහිර ගේ උපදෙස් සහ 24 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය මත 16 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් අරන්තලාව ප්‍රදේශයේ ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදීම සඳහා ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලැබීය.

මෙම මුල්ගල් තැබීමේ උත්සවය 2025 ජනවාරි මස 24 දින පැවති අතර එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 243 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ.එම්.යූ.පී කළුපහන යූඑස්පී පීඑස්සී සහභාගි විය. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.