Header

Sri Lanka Army

Defender of the Nation

28th January 2025 14:18:59 Hours

6 රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මූලිකත්වයෙන් ශ්‍රමදාන වැඩසටහනක්

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ගේ මඟපෙන්වීම සහ 22 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත 223 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 6 රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් විසින් 2025 ජනවාරි මස 27 දින ත්‍රිකුණාමලය, මොරවැව රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

මෙම වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සිය දායකත්වය ලබාදුන්හ.