Header

Sri Lanka Army

Defender of the Nation

28th January 2025 14:18:57 Hours

4 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස්හි මූලිකත්වයෙන් අඩු ආදායම්ලාභි පවුල්වල සිසු සිසුවියන් වෙනුවෙන් පරිත්‍යාග වැඩසටහනක්

11 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 641 පාබල බලසේනාවට අයත් 4 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි මේජර් පී.කේ වරුවන්ගොඩගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එල්එස්සී ගේ මඟපෙන්වීම මත එම බලඇණියේ භටපිරිස් විසින් අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් දඹුල්ල කිරලගොල්ල ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේදී 2025 ජනවාරි මස 21 දින පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

පරිත්‍යාගශීලී සුරේෆ් මහතාගේ අනුග්‍රාහකත්වය මත ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහන අතරතුරදී පාසල් සිසු සිසුවියන් 100 දෙනෙකු වෙත අත්‍යවශ්‍ය පාසල් උපකරණ බෙදාදෙන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 641 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් යූ.ආර්.අයි.බී රණතුංග ආර්එස්පී යූඑස්පී සහභාගි විය.

මෙම වැඩසටහනට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන්, එම විද්‍යාලීය විදුහල්පතිතුමන් ඇතුළු පාසල් කාර්ය මණ්ඩල සාමාජිකයන් සහ සිසු සිසුවියන්ගේ දෙමාපියන් ද සහභාගි වූහ.