Header

Sri Lanka Army

Defender of the Nation

27th January 2025 19:58:50 Hours

රුසියානු හමුදා දූත පිරිසක් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

රුසියානු සමූහාණ්ඩුවේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජාත්‍යන්තර හමුදා සහයෝගීතාව සඳහා වූ ප්‍රධාන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධාන මේජර් ජෙනරල් ඇලෙක්සැන්ඩර් ඉවානොවිච් සින්චෙන්කෝ සහ එතුමන්ගේ දූත පිරිස 2025 ජනවාරි මස 27 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී හමුවිය.

මෙම දූත පිරිසට කර්නල් රෝමන් සර්ජියෙවිච් මැටිට්සින්, ලුතිනන් කර්නල් ඇලෙක්සැන්ඩර් ඔලෙගොවිච් පැනසෙන්කොව්, 2 වන ශ්‍රේණියේ කපිතාන් ඩෙනිස් ඇනටොලිවිච් ක්ලීව්, මේජර් ඇන්ටන් වික්ටෝරොවිච් ෂුයිකොව්, පළමු ලුතිනන් දිමිත්‍රි ඇලෙක්සැන්ඩ්‍රොවිච් සුසෙන් සහ ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් සර්ජි එන් බෙලියන්කින් එක් විය.

මෙම සුහද සාකච්ඡාව අතරතුර, යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජිත පිරිස සමඟින් අදහස් බෙදා ගත් අතර, එහිදී, දෙරට අතර පවත්නා දිගුකාලීන හමුදා සහයෝගිතාවය සහ අවබෝධය පිළිබඳ එතුමන් සඳහන් කළේය.

මෙම සුහද හමුව අවසානයේ දී ශ්‍රී ලංකා හමුදාවේ සුහදතාවයේ සංකේතයක් ලෙස සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.