Header

Sri Lanka Army

Defender of the Nation

27th January 2025 17:15:43 Hours

උසස්වීම් ලද මේජර් ජෙනරල් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් 2025 ජනවාරි මස 27 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී හමුවූහ.

මෙම අවස්ථාවට නවතමයෙන් උසස්වීම් ලැබූ මේජර් ජෙනරල් ඒ.එම්.සී.පී. විජයරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්පීඑස් පීඑස්සී, මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.පී.ඩබ්ලිව්.ඩබ්ලිව්.බී.ආර්. පාලමකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, මේජර් ජෙනරල් ඒ.එච්.ඒ.ඩී. ආරියසේන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී පීටීඑස්සී, මේජර් ජෙනරල් පී.එස්. සුභාත් සංජීව ආර්එස්පී එන්පීඑස් පීඑස්සී, මේජර් ජෙනරල් එම්.ජේ.ආර්.එස්. මැදගොඩ ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී, මේජර් ජෙනරල් එම්.එන්. ප්‍රනාන්දු ආර්එස්පී, මේජර් ජෙනරල් එච්.ඩී.එල්.එස්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී, මේජර් ජෙනරල් එච්.පී.අයි. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, මේජර් ජෙනරල් එම්.ඩබ්ලිව්.ඒ.ආර්.සී. විජේසූරිය ආර්එස්පී යූඑස්පී එන්ඩීසී, මේජර් ජෙනරල් එල්.සී.කේ. පතිරණ ආර්එස්පී එච්ඩීඑම්සී අයිජී, මේජර් ජෙනරල් කේ.එම්.එන්. කුලසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී, මේජර් ජෙනරල් එම්.කේ.එල්.ඒ. ද සිල්වා ආර්එස්පී යූඑස්පී එන්පීඑස් පීඑස්සී, මේජර් ජෙනරල් ටී.එන්. මජීඩ් ආර්එස්පී යූඑස්පී එන්ඩීසී අයිඑස්සී, මේජර් ජෙනරල් ටී.සී.එම්.ජී.එස්.ටී. කුරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී, මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.යූ.එස්. වනසේකර ආර්ඩබ්ලිව්පී යූඑස්පී, මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.එන්. විජේකෝන් එන්ඩීසී ඒඒටීඕ සහ මේජර් ජෙනරල් සී. කළුතරආරච්චි යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් එක්වූහ.

එම අවස්ථාවේ දී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත මේජර් ජෙනරල් නිලයට හිමි අසිපත පිරිනමන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එහිදී උසස්වීම් ලද එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් ආමන්ත්‍රණය කරමින් මෙම නිලයේ වැදගත්කම සහ යුද්ධය සහ සාමය පවතින කාලයන්හිදී විශාල භටපිරිසක් ඵලදායී ලෙස පාලනය කිරීම සඳහා යුද්ධ හමුදාවේ අණදීම් ක්‍රියාත්මක කිරීමට මෙම නිලයට ඇති හැකියාව පෙන්වා දුන්නේය. තවද, ජෙනරාල්වරයෙකු සතු පුළුල් දැනුම සහ අත්දැකීම් මගින් යුද්ධ හමුදාව තුල වගකීමක් ගැනීමට ධෛර්යය සහ හැකියාවක් තිබිය යුතු බවත් අවධාරණය කරමින් පවතින වෙනස්වීම් අනුව තීරණාත්මකව, නායකත්වය ලබාදීමට සහ කළමනාකරණය කිරීමට ඇති හැකියාව ප්‍රධාන ගුණාංග ලෙසත් පෙන්වා දෙන ලදී.

තවද, ජෙනරාල්වරයෙකුගේ නිර්භීතභාවය, ආකර්ශනීයභාවය සහ ඵලදායී සන්නිවේදන කුසලතා මගින් තම භටපිරිස් කෙරෙහි විශ්වාසය ඇති කිරීම අත්‍යවශ්‍ය බවත් සඳහන් කරමින් තමන්ගේ පෞරුෂය, හැසිරීම, සහ ඉවසීම වැනි ගුණාංග මගින් එම පිරිස් මනා ලෙස පාලනය කලයුතු බවත් යුද්ධ හමුදාධිපතිතුමන් වැඩිදුරටත් සඳහන් කළේය.

සුහද හමුව අවසානයේ යුද්ධ හමුදාධිපතිතුමන් නව උසස්වීම් ලැබූ මේජර් ජෙනරල්වරුන්ගේ සුවිශේෂී වෘත්තීය ජයග්‍රහණ වෙනුවෙන් සිය සුබ පැතුම් එක් කළේය.

නව නිලයට උසස් වූ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය කෘතවේදීත්වය පුදකළ අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් සමඟින් සමූහ ඡායාරූප කිහිපයකටද පෙනීසිටියහ.