27th January 2025 10:19:30 Hours
යුද්ධ හමුදාධිපතිතුමාගේ මඟපෙන්වීම යටතේ, ආරක්‍ෂ සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් පී.ආර්. පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ගේ උපදෙස් මත සහ 7 වන බලඇණිය ගැමුණු හේවා බළකායේ අණදෙන නිලධාරීගේ අධීක්ෂණය යටතේ, "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහනේ කොටසක් ලෙස 2025 ජනවාරි මස 25 දින නාවලඩි සිට රිදීතැන්න ඒ11 (මඩකලපුව සිට පොළොන්නරුව දක්වා) මාර්ගය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
මෙම වැඩසටහන සඳහා නිලධාරින්, සෙසු නිලයන් සහ සිවිල් ජනතාව සහභාගී වූහ.