Header

Sri Lanka Army

Defender of the Nation

26th January 2025 10:21:24 Hours

10 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් හානියට පත් තෙන්නියන්කුලම් වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කරයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්, තෙන්නියන්කුලම් වැව් බැම්මේ පිටවානේ කොටසට සිදුවූ හානියෙන් ඇති විය හැකි තත්ත්වයන්ට කඩිනමින් මුහුණ දීමට 56 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත, 561 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟ පෙන්වීම යටතේ 10 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් කේ.ඒ.කේ හේවාපතගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් 2025 ජනවාරි මස 19 දින එම වැව් බැම්ම සාර්ථකව අලුත්වැඩියා කරන ලදී.

නිලධාරින් 03 දෙනෙකු සහ සෙසුනිලයන් 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ප්‍රදේශයේ අදාළ රාජ්‍ය නිලධාරින්ගේ සහ ප්‍රදේශ වාසීන් 100 කට ආසන්න සංඛ්‍යාවකගේ සහයෝගය ඇතිව, මෙම අලුත්වැඩියා කටයුතු සිදු කරනු ලැබීය.