Header

Sri Lanka Army

Defender of the Nation

25th January 2025 15:47:58 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ මූලිකත්වයෙන් මනෝචිකිත්සාමය සංගීත වැඩසටහනක්

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ වැඩබලන සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ අධීක්‍ෂණය යටතේ, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව 2025 ජනවාරි මස 21 දින ‘Rendezvous’ ක්‍රීඩා පිටියේ මනෝචිකිත්සාමය සංගීත වැඩසටහනක් පවත්වන ලදී.

කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ කථිකාචාර්යවරයෙකු වන බෞද්ධ මනෝචිකිත්සාව පිළිබඳ විශේෂඥ ආචාර්ය වසන්ත ප්‍රියදර්ශන විසින් මෙම වැඩසටහන මෙහෙයවනු ලැබීය.

මෙම විශේෂ වැඩසටහන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සියලුම නිලයන් වෙනුවෙන් සංවිධානය කරන ලද අතර, එමගින් ඔවුන්ට පුද්ගලික සහ සාමූහික කටයුතු සාර්ථකව කටයුතු සිදුකිරීමට මෙන්ම තම සිතීමේ හැකියාවන් නව මඟකට යොමු කිරීමට ද අවස්ථාවක් ලැබුණි.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගී වූහ.