Header

Sri Lanka Army

Defender of the Nation

25th January 2025 15:49:21 Hours

ආරක්‍ෂක සේවා එල්ලේ තරඟාවලිය‍ - 2025 හි ජයග්‍රහණය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට

ආරක්‍ෂක සේවා එල්ලේ තරඟාවලිය‍ - 2025 හි ජයග්‍රහණය අඛණ්ඩව සිව්වන වරටත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් හිමිකර ගන්නා ලදී.

ශ්‍රී ලංකා නාවික හමුදා එල්ලේ කමිටුව විසින් සංවිධානය කරන ලද මෙම තරඟාවලිය ජනවාරි මස 21 දින සිට 23 දින දක්වා වැලිසර, නවලෝක ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. යුද්ධ හමුදාවේ, නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ කණ්ඩායම් මෙම තරඟාවලිය සඳහා තරඟ වැදුණු අතර, අවසන් මහා තරඟයේදී යුද්ධ හමුදා එල්ලේ කණ්ඩායම නාවික හමුදා එල්ලේ කණ්ඩායම පරාජය කරමින් ශූරතාවය හිමිකර ගත්හ. පළමු ඉනිමේදී යුද්ධ හමුදා ක්‍රීඩකයින් ලකුණු 14 ක් ලබාගනු ලැබීය.

යුද්ධ හමුදාවේ මෙම ජයග්‍රහණයට අමතරව, හොඳම පිතිකරු සහ තරඟාවලියේ හොඳම ක්‍රීඩකයා ලෙස සුවිශේෂී දස්කම් දැක්වූ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ ලාන්ස් කෝප්‍රල් කේ.අයි ලක්මාල්ට ගෞරවනීය සම්මාන දෙකක් ද පිරිනමන ලදී.

ආරක්‍ෂක සේවා එල්ලේ තරඟාවලිය‍ මෙරට ත්‍රිවිධ හමුදාවේ මලල ක්‍රීඩා දක්‍ෂතා සහ සුහදත්වය සංකේතවත් කරමින් අඛණ්ඩව පවත්වනු ලබයි.