Header

Sri Lanka Army

Defender of the Nation

20th January 2025 15:02:28 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ වැඩබලන සේනාවිධායකතුමන් නිලධාරින් ආමන්ත්‍රණය කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ වැඩබලන සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2025 ජනවාරි මස 21 දින එම බලසේනාව යටතේ සේවයේ නියුතු නිලධාරින් ආමන්ත්‍රණය කරමින් අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට යුද්ධ හමුදාව වෙතින් ලබාදිය යුතු දායකත්වය පිළිබඳව පැහැදිළි කරන ලදී.

එහිදී, යුද්ධ හමුදා සම්ප්‍රදායන් සහ කීර්ති නාමය අඛණ්ඩව පවත්වාගැනීම සඳහා යුද්ධ හමුදා සාමාජිකයන්ගේ විනය පවත්වාගැනීමේ වැදගත්කම, සමාජ විරෝධී ක්‍රියාවන්ට එරෙහිව කටයුතු කිරීමේ වැදගත්කම සහ ඒ සඳහා යුද්ධ හමුදා නිලධාරින් සතු වගකීම පිළිබඳව එහිදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි. මෙම වැඩසටහනට සමගාමීව, ආදර්ශමත් නායකයෙකු වශයෙන් වෘත්තීමයභාවය සහ අන්‍යෝන්‍ය ගෞරවය පවත්වාගනිමින් කටයුතු කරන ලෙස එතුමන් දැනුවත් කළේය.

දේශනයේ සමාප්තිය සනිටුහන් කරමින්, ජාතියේ ප්‍රවර්ධනය සඳහා එකමුතුකම සහ ක්‍රියාශීලී දායකත්වය ලබාදෙන ලෙසත්, විනයගරුක සහ තිරසාර අනාගතයක් ගොඩනැංවීමේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා සාමාජිකයන්ගේ කැපවූ කාර්යභාරයේ වැදගත්කම පිළිබඳවත් එතුමන් පෙන්වාදුන්නේය.