19th January 2025 16:26:48 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ වැඩබලන සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී, 2025 ජනවාරි මස 17 දින 2(ස්වෙච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරත විය.
2(ස්වෙච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තු කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් වෙත එම ඒකකයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල මුරය පසුකරගෙන යාමේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව ඒකක අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එච්.ජී.කේ.එස්. ධර්මදාස ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය. අනතුරුව, එතුමන් වෙත ඒකක අණදෙන නිලධාරීතුමන් විසින් එම ඒකකයේ ක්‍රියාකාරකම් සහ මෙහෙයුම් කටයුතු පිළිබඳව දැනුවත් කළේය. සංචාරය අතරතුරදී එතුමන් එම කඳවුරෙහි පවතින ප්‍රධාන ගැටළු පිළිබඳව ද සාකච්ඡා කරනු ලැබීය.
වැඩබලන සේනාවිධායකතුමන් එහිදී භටපිරිස් අමතමින්, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සඳහා සම්බන්ධ වී යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දැක්ම සමඟ එක්වීමේ වැදගත්කම අවධාරණය කළ අතර, යුද්ධ හමුදාවේ ඉලක්කයන් සපුරා ගැනීමේදී භටපිරිස්වල ශාරීරික හා මානසික ඒකාග්‍රතාවය පවත්වා ගැනීම පිළිබඳවද වැඩිදුරටත් අවධාරණය කළේය.
නිල සංචාරය අවසානයේ එතුමන් එම අවස්ථාව සනිටුහන් කරමින් අමුත්තන්ගේ පොතෙහි සමරු සටහනක් ද තැබීය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ සිවිල් සේවක මහතුන් ද සහභාගී වූහ.