Header

Sri Lanka Army

Defender of the Nation

20th January 2025 15:02:28 Hours

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපතිතුමන් එම බලකායේ නිලධාරින් ආමන්ත්‍රණය කරයි

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී, 2025 ජනවාරි මස 20 දින මත්තේගොඩ, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී එම බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් ආමන්ත්‍රණය කළේය.

එහිදී, එතුමන් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින්, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ඉදිරි දැක්ම සහ රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන තිරසාර සංවර්ධනය වෙනුවෙන් එම වැඩසටහනේ ඇති වැදගත්කම පිළිබඳව පෙන්වා දුන්නේය. ඒ සඳහා නවෝත්පාදනයන් සිදුකිරීමට, සහයෝගීතාවය වර්ධනය කිරීමට සහ පාරිසරික හා සදාචාරාත්මක ප්‍රගතිය වෙනුවෙන් දායක වීමට නිලධාරින් තමන් යටතේ රාජකාරියෙහි නියුතු භටපිරිස් දිරිමත් කළයුතු බව එතුමන් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

යුද්ධ හමුදාවේ මූලික හරයන් ආරක්‍ෂා කිරීම සහ භටපිරිස්හි සෞඛ්‍ය හා සනීපාරක්‍ෂක පහසුකම් වැඩිදියුණු කිරීම තුළින් සිය යහපැවැත්ම වෙනුවෙන් ප්‍රමුඛත්වය ලබාදීමේ වැදගත්කම පිළිබඳවත් එතුමන් පෙන්වා දුන්නේය.

දේශනය සමාප්තියේ, තම රාජකාරින් ඉටු කිරීමේදී සහ ජාතික අපේක්‍ෂාවන් සපුරාලීමේදී කැපවීමෙන් සහ ධෛර්යමත්ව කටයුතු කිරීමේ වගකීම පිළිබඳව ද එතුමන් අවධාරණය කළේය.