20th January 2025 14:30:45 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ වැඩබලන සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජි. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2025 ජනවාරි මස 16 දින 5 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව, 2 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 4 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකාය සහ 1 බලඇණිය ශ්‍රී ලංකා රයිෆල් බලකාය වෙත නිල සංචාරයක නිරත විය.
ඒකක මූලස්ථානයන් වෙත සපැමිණි වැඩබලන සේනාවිධායකතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල මුරය පසුකරගෙන යාමේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව ඒකක අණදෙන නිලධාරින් විසින් එතුමන්ව උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. මෙම සංචාරය අතරතුරදී, එතුමන් එම ඒකකයන්හි පවතින පහසුකම් නිරීක්‍ෂණය කළ අතර 5 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදා කඳවුරේදී සියළු නිලයන් ආමන්ත්‍රණය කරමින් විනය, දරාගැනීමේ හැකියාව සහ ශාරීරික යෝග්‍යතාවය පවත්වාගැනීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළේය. අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක වන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට දායකත්වය ලබාදීමේ වැදගත්කම පිළිබඳව ද එතුමන් සිය අදහස් දැක්වීය.
සංචාරය සනිටුහන් කරමින් 1 බලඇණිය ශ්‍රී ලංකා රයිෆල් බලකා මුලස්ථානයේදී සහ 4 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකා මූලස්ථානයේදී පැළ රෝපණය කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ වැඩබලන සේනාවිධායකතුමන් සංචාරය සමාප්තියේදී විශේෂ අමුත්තන් සඳහා වූ පොත්වල සමරු සටහන් ද තැබීය.
මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.