Header

Sri Lanka Army

Defender of the Nation

20th January 2025 15:16:22 Hours

යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් දේශනයක් පවත්වයි

යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් 2025 ජනවාරි මස 08 දින එම අධ්‍යක්‍ෂ මණ්ඩල පරිශ්‍රයේදී ‘බෝවන සහ බෝ නොවන රෝග’ තේමාව ඔස්සේ දේශනයක් පැවැත්වීය..

මෙම දේශනය යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ටී.ටී.පී. සිරිවර්ධන ආර්එස්පී පීඑස්සී අයිඑස්සී එන්ඩීසී ගේ මඟපෙන්වීම යටතේ පවත්වන ලදී..

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කපිතන් එස්.බී.ජේ.වයි. උදුල බණ්ඩාර විසින් මෙම දේශනය පවත්වන ලදී. මෙම දේශනය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ..